IMG-LOGO

2026 ජනවාරි මස 11 වන ඉරිදා


ජූනි මාසය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළ ඉහළට

භානුක අමරසිංහ

ජූනි මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු විය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,979.89ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 125.03 කින් එනම් සියයට 0.74කින් ඉහළ ගියේය. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (SandPSL20) දර්ශකය ඒකක 5,034.92ක් දක්වා ඒකක 53.35කින් එනම් සියයට 1.07කින් ඉහළ ගියේය.

දිනය තුළදී කොටස් මිලියන 363ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.86ක් ලෙස සටහන් විය. එහිදී පිරිවැටුම වෙත වැඩිම දායකත්වය ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී ලබාදුන් අතර එය රුපියල් මිලියන 712.2 ක් විය. එසේම කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සහ පෑන්ඒෂියන් පවර් පීඑල්සී පිළිවෙළින් රුපියල් මිලියන 490.6ක සහ රුපියල් මිලියන 269.2ක දායකත්වයක් ලබාදී තිබේ. දිනය තුළ සමාගම් 106 ක කොටස් මිල ඉහළ ගිය අතර, සමාගම් 119 ක මිල පහළ වැටීම සිදු විය. ඒ අතරින් බැංකු සමාගම් තවදුරටත් ඉදිරියෙන් සිටියි. 



අදහස් (0)

ජූනි මාසය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළ ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site