IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය FACETS ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසවන්ත හා විශාලතම ලැයිස්තුගත නිශ්චල දේපළ සංවර්ධකයා වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (JKP), ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා 2026 හි නිල නිශ්චල දේපළ හවුල්කරු ලෙස සිය හවුල්කාරීත්වය නිවේදනය කළේය. 
මෙම වසරේ තේමාව වන “කාලානුරූපී උරුමයන්” යන්න, ශිල්පීය හැකියාව, විශ්වාසය සහ ස්ථීරසාර උරුමයන් මත ගොඩනැගුණු ක්ෂේත්‍ර දෙකක ස්ථිරසාර වටිනාකම යන්න පිළිඹිබු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ලෙස ගෝලීය වශයෙන් පිළිගෙන ඇති FACETS ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගැනුම්කරුවන්, එකතුකරන්නන් සහ රසඥයන් ආකර්ෂණය කර ගනී. මේ වසරේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි සහභාගීත්වය, කලාත්මක බව සහ ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම අලංකාරය සහ ආයෝජන වටිනාකම් එක් කරමින් මෙම උත්සවයට නව මානයක් හඳුන්වා දෙයි.
FACETS ශ්‍රී ලංකා 2025 ප්‍රදර්ශනය 2026 ජනවාරි 3 සිට 5 දක්වා, කොළඹ Cinnamon Life – City of Dreams හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ශිල්පීය හැකියාව, නවෝත්පාදනය සහ ගෝලීය ආකර්ෂණය මෙහිදී එක්රැස් කෙරේ. 



අදහස් (0)

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය FACETS ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site