IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026 ක්‍රියාත්මක කෙරේ

නිමල කොඩිතුවක්කු

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තියි’ - 2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

‘ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය’, 1999 වර්ෂයේදී ප්‍රථම වරට සකස් කරනු ලැබ ඇති අතර, ඛනිජ සම්පත් සම්බන්ධ යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීම, ඛනිජ අපනයනය කිරීම සඳහා අගය එකතු කිරීම, ඛනිජ ආශ්‍රිත කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, ඛනිජ සම්පත් නිස්සාරණය හා පරිසරය තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ ඛනිජ සම්පත් නිස්සාරණයේදී මතු වන ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු‍ නිරාකරණය කිරීම වැනි කරුණු ආවරණය කරමින් 2023 වර්ෂයේදී සංශෝධනය කරනු ලැබ ඇත.

සකස් කරනු ලැබ ඇති ‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026’ ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026 ක්‍රියාත්මක කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site