
ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 6ක ලාභාංශයක් අනුමත කර ඇතැයි පවසයි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සඳහා වන අනුමැතිය ලබා දී තිබේ. විශේෂයෙන්ම 2024 වසර සඳහා රුපියල් බිලියන 28.5ක බදු පෙර ලාබයක් සහ 2025 වසරේ පළමු භාගය සඳහා රුපියල් බිලියන 25.5ක බදු පෙර ලාබයක් වාර්තා කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව වාර්තා කළ සුවිශේෂී ප්‍රතිඵල අනුව මෙම ලාභාංශ ගෙවීමට හැකියාව උදා කරගෙන ඇතැයි පවසයි.
ඒ අනුව මෙම දායකත්වය පිළිබඳ නිල නිවේදනය පසුගිය දා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත බාරදීම සිදුව තිබේ. මෙම අවස්ථාව සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ කබ්රාල්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි, ප්‍රධාන මූල්‍ය නිලධාරී අජිත් අක්මීමන සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත රණසිංහ යන මහත්වරුන් සහභාගි වී තිබේ
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 6ක ලාභාංශ