IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ LRA ශ්‍රේණිගත කිරීම එලෙසින්ම

භානුක අමරසිංහ


ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ලබා දී තිබූ AAA ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව එලෙසින්ම පවත්වාගෙන යන බව එම ආයතනය පවසයි. 
මෙහිදී රජයේ සියයට 100ක හිමිකාරීත්වය සහිත බැංකුවක් ලෙස සහ බැංකුවෙහි තැන්පතු වෙත රජයේ ඇපවීමත් සමගින්ම බැංකුව සතු ශක්තිමත් හිමිකාරීත්වයේ සැකැස්ම මෙම ශ්‍රේණිගත කිරීම මගින් පෙන්නුම් කරන බව LRA පවසයි. විශේෂයෙන්ම එම බැංකුවෙහි රාජ්‍ය හිමිකාරීත්වයත් සමගින්ම ආයතනික ශක්තිය, ප්‍රතිපත්ති පෙළගැස්ම සහ විශ්වසනීයත්වය නිරන්තරයෙන් සපයා ඇති අතර, එමඟින් ඉහළ බලපෑමක් ඇති සහ ඌන සේවා සපයන වෙළඳපල කොටස් වෙත ප්‍රවේශ වීමට බැංකුවට හැකියාව හිමිව තිබෙන බවත් එම ආයතනය සඳහන් කරයි.



අදහස් (0)

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ LRA ශ්‍රේණිගත කිරීම එලෙසින්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site