IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ජාතික අභියෝගවලට ඉදිරිගාමී විසඳුම් ගෙනා SLT-MOBITEL ටෙක්නෝවේෂන් 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘Tech Novation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 වැඩසටහන දියත් කරන ලද්දේ සමාගමේ ‘Co-connection’ දර්ශනය යටතේ ක්‍රියාවට නංවනු ලබන ESG සංකල්පය මූලික කරගත් වැඩසටහනක් වශයෙනි. නව්‍ය තාක්ෂණික විසඳුම් හරහා ජාතික මට්ටමේ ගැටලු‍වලට පිළියම් සෙවීම දිරිගැන්වීම එහි මූලික අරමුණ විය. තිරසාර සංවර්ධනය හා සමාජයීය යහපත උදෙසා තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු මූලික දැක්මට සමගාමීව මෙය සැලසුම් කර තිබිණි. 

යාපනය, කොළඹ, මහනුවර සහ ඔලු‍විල් ඇතුළුව රටේ විවිධ පළාත්වල විශ්ව විද්‍යාල 10 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නිර්මාණ 50 කට අධික සංඛ්‍යාවක් මෙම තරගයට ඉදිරිපත් කර තිබිණි. තරගාවලිය අදියර කිහිපයක් යටතේ පැවැත්වුණු අතර, අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 15 කි. ඒ අතරින් කණ්ඩායම් 8 ක් අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. 

SLT-MOBITEL ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අවසන් වටයේදී තරගයේ ජය වාර්තා කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ Team Zurazen සමත් විය. ඒ නිර්මාණශීලී විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ යෙදුමක් වෙනුවෙනි. ජලයෙන් ස්වයංක්‍රීයව දුගඳ ඉවත් කිරීමේ විසඳුමක් නිර්මාණය කළ Team Spark Squad වෙත දෙවැනි ස්ථානයද ‘සුවදිවිය’ නමින් පරිපූර්ණ සෞඛ්‍ය සේවා පදනමක් නිර්මාණය කළ Team Spam Bytes වෙත තෙවැනි ස්ථානයද හිමි විය. ඉදිරියේදී අමතර අරමුදල්ද සපයා ගනිමින් තම සංකල්පය ප්‍රායෝගික නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීමට Team Zurazen සැලසුම් කර තිබේ.



අදහස් (0)

ජාතික අභියෝගවලට ඉදිරිගාමී විසඳුම් ගෙනා SLT-MOBITEL ටෙක්නෝවේෂන් 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site