භානුක අමරසිංහ
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ නව සමූහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස චාමින්ද ඩෙන්සිල් කුමාරසිරි මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ජූනි 05 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
මෙම අවස්ථාව වනවිටත් ඒ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරිවරයකු වන කුමාරසිරි මහතා ප්‍රධාන පෙළේ දේශීය මෙන්ම බහුජාතික සමාගම් රැසකම ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා තිබෙන බවත් සඳහන් වෙයි. ඒ මහතා අද වනවිට ලැයිස්තුගත සමාගම් කිහිපයකම ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
චාමින්ද කුමාරසිරි ලංකා හොස්පිටල් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට