IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයති

ආයෝජන අවස්ථා පිළිබද සොයා බැලීමට තිස්දෙනකුගෙන් සමන්විත චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරටට පැමිණ සිටිති. පෞද්ගලික අංශය සදහා චීන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති. චීනයේ ෂැංහැයි, බීජිං, ෂැංඩොන්ග්, නැංජින්, ගුංඩොන්ග් සහ චන්දු ආදී වාණිජ නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති.
කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේදී ඊයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් හා මෙම ආයෝජක පිරිස අතර මෙරට ආයෝජන අවස්ථා පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සාකච්චාවේදී නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, සංචාරක, අධ්‍යාපන, කෘෂිකාර්මික, ඛනිජ හා ඖෂධ නිෂ්පාදන යන අංශවල මෙරට ආයෝජන අවස්ථා පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.



අදහස් (0)

චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site