IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


චන්දන ගුනියන්ගොඩ පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්දන ගුනියන්ගොඩ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා සිට එම සමාගමේ විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂ/සභාපතිවරයා ලෙස චන්දන මහතා පත් කෙරී තිබේ. 
වසර 27 කට අධික කාලයක වෘත්තීමය අත්දැකීම් සහිත ඒ මහතා සතුව වසර 19ක කාලයක් වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් අත්දැකීම් පවතින බව පවසයි. අද වනවිට ඒ මහතා MG Group of Companies හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී, නව විතානකන්ද තේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා මහජන බැංකුවෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වෙයි. පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමකි.



අදහස් (0)

චන්දන ගුනියන්ගොඩ පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site