IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංවතුරෙන් විපතට පත් ජනතාවට AIA ඉන්ෂුවරන්ස් වෙතින් වෛද්‍ය සහන

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා වෛද්‍ය සායනයක් පවත්වමින් තල්වත්ත ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් විය. ආපදාවට පත් පවුල් 600 කට වැඩි පිරිසක් සඳහා මෙම වැඩසටහන මගින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදෙන ලදී. මේ ඔස්සේ, AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ශ්‍රී ලාංකිකයන්ට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ළඟා කරගැනීමට සහය වීම යන්න වඩාත් තහවුරු වූ අතර ජනතාව ආපදාවකට පත්වූ මෙවන් මොහොතක දී ඔවුන්ට අත්‍යවශ්‍ය සහන සේවා සැලසීම විශේෂ කරුණකි.
මෙම වෛද්‍ය සායනය සඳහා වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ වෘත්තීය ඖෂධවේදීන් මෙන්ම AIA ඉන්ෂුවරන්ස් ලංකා හි කාර්යමණ්ඩල සාමාජිකයන් සහ අලෙවි බලකා සාමාජිකයෝ ද විපතටපත් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ වෛද්‍ය සේවා ලබාදීමට සහය වීම සඳහා ස්වේච්ඦාවෙන් ඉදිරිපත්ව සිටියහ.


වෛද්‍ය සායනය පවත්වන ලද ස්ථානයේ දීම ජනතාවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නා වූ බෙහෙත් නොමිලේම ලබාදීම සඳහා ඖෂධ කවුන්ටරයක් ද පිහිටුවා තිබූ අතර ගිලන් වූ ජනතාවට එකෙනෙහිම අවශ්‍ය බෙහෙත් වර්ග ලබාදෙන ලදී. ගංවතුරෙන් පසුව වැළක්‍ෂෙන විවිධ රෝගාබාධ සඳහා නිර්දේශ කරන ලද බෙහෙත් වර්ග ආපදාවට පත් පවුල් සඳහා ලබාදෙන ලදී. හෙද කණ්ඩායම් විසින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි ප්‍රතිකාර, තුවාලවලට බෙහෙත් දැමීම සහ වෙනත් ප්‍රථමාධාර ලබාදෙන ලදී.
මෙම වැඩසටහන පිළිබඳව සිය අදහස් දක්වමින් AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය මෙසේ කියා සිටියාය. ”‍මෙම ගංවතුරෙන් තල්වත්ත ප්‍රදේශයේ පවුල් ඉතා දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර අප ඔවුන් සිටින ප්‍රදේශයට ගොස් ඔවුනට සහනයක් සැලසීම සඳහා ඉදිරිපත් වුණා. අපගේ කාර්යමණ්ඩල සහ අලෙවි බලකා සාමාජික සාමාජිකයන් මෙම සායනය සඳහා ස්වේච්ඦාවෙන් ඉදිරිපත්ව පීඩාවට පත්ව සිටින අපගේම ජනතාවට සහය ලබා දීම දැකීම අප සියල්ල ධෛර්යමත් කිරීමට හේතුවූවා. ප්‍රජාවට අපගේ සහය අත්‍යවශ්‍ය මෙවන් මොහොතක දී ඔවුන් නඟා සිටුවීමට මෙසේ ඉදිරිපත්වීම ඔස්සේ AIA හි අපගේ සන්නාම ප්‍රතිඥාව වන ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලබා දීමට සහය වීම යන්න ප්‍රබල ලෙස අර්ථවත් වන බවයි මගේ හැඟීම.”‍



අදහස් (0)

ගංවතුරෙන් විපතට පත් ජනතාවට AIA ඉන්ෂුවරන්ස් වෙතින් වෛද්‍ය සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site