භානුක අමරසිංහ
ගලධාරි හෝටලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස මාර්කෝ ජැන්සන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ලබන මැයි 05 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා හෝටලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු අරඹන බව සමාගම සඳහන් කරයි.
වර්තමානයේදී ගලධාරි හෝටලයේ කළමනාකාරිත්වය හිමිරැඩිසන් හෝටල් සමූහය මගින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ. 2023 වසරේදී ගලධාරි හෝටලය සහ එම සමූහය හෝටල් සංවර්ධන සේවා එකඟතාව සහ හෝටල් කළමනාකරණ එකඟතාවක් ඇති කරගත්තේය.
ජැන්සෙන් මහතා සතුව මහාද්වීප තුනක් තුළ වසර 35කට අධික කාලයක හෝටල් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත බව සමාගම පවසයි. 2001 වසරේ සිට සාමාන්‍යාධිකාරි ධුරය දරයි. ඔහු මේ දක්වා පිලිපීනයේ සෙබුහි පිහිටි රැඩිසන් බ්ලූ හෝටලයේ සහ වියට්නාමයේ ෆු කුයොක් හි රැඩිසන් බ්ලූ රිසෝට්හි සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කර තිබේ.
ගලධාරී හෝටලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්