IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගලධාරි අලු‍ත්වැඩියාවට තවත් ඩොලර් මිලියන 15ක්


භානුක අමරසිංහ


කොළඹ ගලධාරි හෝටලයේ අලු‍ත්වැඩියා කටයුතු සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BIO) සමගින් 2023 නොවැම්බර් 14 දා ඇති කරගත් එකඟතාව යටතේ සිදු කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 33.5 ක ආයෝජනය, ‍ඩොලර් මිලියන 48.5ක් දක්වා ඉහළ නංවන බව ගලධාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

පසුගිය ඔක්තෝබර් 02 වැනිදා සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මේ සදහා හිමිව ඇති අතර, නොවැම්බර් 06 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් ඊට අදාළ අතිරේක එකඟතාවට පිවිසුණු බවත් සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම අලු‍ත්වැඩියාව සදහා අතිරේකව තවත් ඩොලර් මිලියන 15ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතව තිබේ. මෙහිදී අදාළ හෝටල් අලු‍ත්වැඩියාව සඳහා වන මෙම මුදල් ආයෝජනය එක්සත් අරාබි එමීරයේ  Mashreq Bank PSC සහ හෝටලයේ පරිපාලක සමාගම වන Galadari Brothers Co. LLC මගින් සිදු කරයි. 



අදහස් (0)

ගලධාරි අලු‍ත්වැඩියාවට තවත් ඩොලර් මිලියන 15ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site