IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ගෝල් සිටි සෙන්ටර් විවෘත කෙරේ

උණවටුන ඩී.ජී. සුගතපාල, අහංගම සුමතිපාල දීයගහගේ


ගාල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරික හේමන්ත ගමගේ මහතා විසින් ගාල්ල සමුද්‍ර මාවතේ ඉදිකරන ලද ගෝල් සිටි සෙන්ටර් දකුණු පළාතේ විශාලම වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල අරලිය සමුහ ව්‍යපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, වෘත්තිය පුහුණු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නිලධාරිහුද රාජ්‍ය නිලධාරිහුද ව්‍යාපාරිකයෝද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, දිලිත් ජයවීර, නලින් හේවගේ යන මහත්වරුන් විසින් නව වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාවයි.



අදහස් (0)

ගෝල් සිටි සෙන්ටර් විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site