IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩි දියුණු කිරීමට ADB වෙතින් ඩො. මි. 90 ක ණයක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ 5 වැනි කොටස සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විධිමත් ණය ගිවිසුමකට පසුගිය 31 වැනිදා අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය ගිවිසුමට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තැබූ බවත් ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩානෝ මහතා අත්සන් තැබූ බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝ මීටර් 500 ක් දේශගුණයට ඔරොත්තු දෙන පරිද්දෙන් වැඩි දියුණු කෙරෙනු ඇති බවත් ජාතික මාර්ග කිලෝ මීටර් 21 පුනරුත්ථාපනය කරනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පැවැසුවේය. එසේම මෙම ණය මුදල ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 100 නඩත්තු කිරීම සඳහාද පහසුකම් සපයන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩි දියුණු කිරීමට ADB වෙතින් ඩො. මි. 90 ක ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site