IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ශිෂ්‍යත්වය සමතුන්ට මහජන බැංකුවෙන් තෑගි

 


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


ගිරිඋල්ල මහජන බැංකු ශාඛාව මගින් ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ 2025 ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 85 දෙනකුට ත්‍යාග පිරිනැමීම එම විද්‍යාලීය රැස්වීම් ශාලාවේදී ඉකුත්දා සිදු කරනු ලැබීය.

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ විදුහල්පතිනී දමයන්ති හතරසිංහ මහත්මියගේ උපදෙස් මත, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී එච්. පී. රේණුකා පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ එම අංශයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ගිරිඋල්ල මහජන බැංකු ශාඛාවේ කළමනාකරු ශාමන් කස්තුරි සහ නියෝජ්‍ය කළමනාකරු සුපුන් ගියහාන්, වික්‍රම ශීලා ජාතික පාසලේ විදුහල්පතිනී දමයන්ති හතරසිංහ යන මහත්ම මහත්මීන් අතින් මෙහිදී සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනැමුණි.
මෙම අවස්ථාවට ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් හා ඔවුන්ගේ මවුපියන් පිරිසක් සහභාගී වී සිටියහ.

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ විදුහල්පතිනී දමයන්ති හතරසිංහ මහත්මිය පොල්තෙල් පහන දල්වන අයුරු


ගිරිඋල්ල මහජන බැංකු ශාඛාවේ 
කළමනාකරු ශාමන් කස්තුරි මහතා ශිෂ්‍යත්වය සමත් සිසුවකුට ත්‍යාග හා සහතිකපත් පිරිනමන අයුරු.




අදහස් (0)

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ශිෂ්‍යත්වය සමතුන්ට මහජන බැංකුවෙන් තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site