IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ගිය වසරට සාපේක්ෂව බිස්නස් කඩාවැටීමක් නැහැ

නුගේගොඩ EMORE වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික සංකල්ප ලක්දේශ්

 

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට නුගේගොඩ වෙළෙඳ නගරයට ගිය ගමනේදී අපි ගොඩවැදුණේ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපංග වෙළෙඳසලක් වන EMORE වෙළෙඳ ආයතනයටයි. එහිදී ව්‍යාපාරික සංකල්ප ලක්දේශ් මහතා මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

සාමාන්‍යයෙන් අප්‍රේල්, දෙසැම්බර් සීසන් එකත් එක්ක තමයි බිස්නස් එකක් තියෙන්නේ. සෑම වසරකම අනෙක් මාසවල බිස්නස් අඩුවීමක් තියෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තහම බිස්නස්වල කඩාවැටීමක් නැහැ. 

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

සාමාන්‍යයෙන් සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා තමයි කලින් බිස්නස් එකක් තිබුණේ. දැන් දැන් පාරිභෝගිකයෝ සති අන්තයේ විනෝද චාරිකා යාමට දක්වන නැඹුරුවේ වැඩිවීමක් තියෙන නිසා සති අන්තයේ බිස්නස්වල අඩුවීමක් තියෙනවා. සති අන්තයේ බිස්නස් අඩු වුණත් පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ ගන්න සතියේ දිනවල පැමිණීම නිසා මාසිකව උපයන ආදායම වෙනස් වෙලා නැහැ. මාසිකව අපේ ඉලක්කය ලක්ෂ 3, 4 ද එය නියත වශයෙන්ම මාසය තුළ ආවරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගිකයෙක් දවස් තුනක් තිස්සේ එන්නේ නැතිව හතරවැනි දවසේ ඇවිත් බඩු අරගෙන යනවා.

ඒ වගේම අපේ රටේ ඕනෑම කෙනකුට ව්‍යාපාරයක් පටන්ගන්න අතේ මුදල් තියෙනවා නම් එය යොදවලා ව්‍යාපාරයක් කිරීමට පුළුවන්. අද වෙද්දී භාණ්ඩයක් මිලදී ගන්න එන පිරිස අඩුයි. භාණ්ඩ විකුණන පිරිස වැඩිවෙලා තියෙන්නේ. මෙහි වාසිය තියෙන්නේ මෙරටට බඩු ගෙන්වන පිරිසට හෝ අතරමැදියන්ට. ඒ තත්වයත් එකක් අද වෙද්දී එක් පුද්ගලයෙක් වටා එක්රැස්වන මුදල් බෙදී ගිහින් තියෙන්නේ.

භාණ්ඩයක ප්‍රමිතිය, කල්පැවැත්ම සම්බන්ධයෙන් නොසිතා බොහෝ දෙනෙක් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරනවා. පාරිභෝගිකයොත් හැම වෙලාවේම උත්සාහ කරන්නේ අඩුම මිලකට බඩුවක් මිලදී ගන්න. එහෙම තත්වයක් තියෙද්දී වැඩි මුදලකට අපි බඩු අලෙවි කළොත් අපෙන් භාණ්ඩ ගන්න එන පාරිභෝගික පිරිස අඩු වෙනවා. අපිත් මේ වෙද්දී වෙළෙඳපොළ හඳුනාගෙන තමයි භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරන්නේ සහ මිල නියම කරන්නේ.

විදේශ රටක් ගත්තොත් ඒ රටේ වෙළෙඳ සංකීර්ණයක එක වර්ගයේ භාණ්ඩයක් අලෙවි කරන ‍එක් වෙළෙඳසලක් පමණයි තියෙන්නේ. උදාහරණයක් විදිහට අපේ රට ගත්තොත් එක් වෙළෙඳ සංකීර්ණයක ජංගම දුරකථන අලෙවිකරණ වෙළෙඳසල් පහ හයක් තියෙනවා. එතකොට පාරිභෝගිකයෝ ඔය කියන වෙළෙඳසල් පහ හයටම ගිහින් මිල ඉහළ මිල අඩුම තැනින් තමයි භාණ්ඩය මිලදී ගන්නේ. එයත් බිස්නස් යම් මට්ටමකින් පහත වැටීමට බලපා තියෙනවා.

මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

ගිය වසරට සාපේක්ෂව බිස්නස් කඩාවැටීමක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site