විමුක්ති එස්.රුද්‍රිගු
මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කරගැනීමට මෙන්ම රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ඉලක්කගත කර්මාන්ත සහ ආර්ථික අංශ සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම ආරම්භ කිරීම වැනි ගැටලුකාරී භූමිකාවලින් ඈත්වීමට මෑත කාලීන ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහාය වී ඇති ආකාරය පසුගියදා පැවැති ශ්‍රී ලංකා මහ බැංකු 75 වැනි සංවත්සර සැමරුම් දේශනයේදී මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
අර්බුදයේදී, යථා තත්වයට පත්වීමේදී සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය වැදගත් වන්නේ ඇයි යන තේමාව යටතේ පැවැති දේශනයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දී සිටියේ මහ බැංකුව තව දුරටත් අතීතයේ මෙන් පොලී සහ විනිමය අනුපාත පාලනය කිරීම, මූල්‍ය හිඟය සඳහා මුදල් යෙදවීම වැනි කාර්යයන් සිදු නොකරන බවයි.
මහ බැංකු ස්වාධීනත්වය යනු නව සංකල්පයක් නොවන බවත් එය ශ්‍රී ලාංකිකයන්ට අසීරු අවස්ථාවකදී ඉගෙන ගැනීමට සිදුවූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම සිය දේශනයේදී මහ බැංකුව පිළිබඳව ජනතාවට තිබෙන වැරදි වැටහීම් නිවැරදි කිරීමට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කටයුතු කළේය.
උද්ධමනය පාලනය කිරීම, පොලී සහ විනිමය අනුපාත පාලනය කිරීම, මූල්‍ය හිඟයන් සඳහා මුදල් යෙදවීම සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම වැනි විවිධ එකිනෙකට වෙනස් වගකීම් අතීතයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පැවැරී තිබිණි. එවැනි එකිනෙකට වෙනස් වගකීම් පැවැරී තිබීම ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව තිබෙන විශ්වාසය දුර්වල වීමටත් විවේචන එල්ල වීමටත් හේතුවක් විය. එහෙත් ඒ සියල්ලම මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග වෙනස් වී ඇත.
ගැටලුකාරී භූමිකාවලින් ඈත්වීමට මෑතකාලීන ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහාය වූවා - මහබැංකු අධිපති කියයි