IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ ශක්‍යතා අධ්‍යයනය Master Hellie’s Engineering සමාගමට

 

  • කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 91.21 ක් 

නිමල කොඩිතුවක්කු 


ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රළු වාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාස ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05 ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම කැඳවීම් සිදු කර තිබේ.

ඒ අනුව, එකී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s Master Hellie’s Engineering Consultants (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 52.44ක මුදලක් (එකතු කළ අගය මත බදු රහිත) සහ විදේශීය සංරචකය ලෙස ඇමෙරිකානු ඩොලර් 122,859 ක මුදලක් ඇතුළත් වන පරිදි රුපියල් මිලියන 91.21 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත ) එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ ශක්‍යතා අධ්‍යයනය Master Hellie’s Engineering සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site