IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


කොළඹ-බීජිං ඍජු ගුවන් ගමන් ජනවාරි 31 සිට


චීනයේ කැපිටල් එයාර්ලයින්ස් ගුවන් සේවය මගින් බීජිං නුවර සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ලබන ජනවාරි 31 වැනිදා සිට බීජිං හි ඩැෂින්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් ගමන් ආරම්භ කෙරෙන බව සඳහන් වෙයි. 

එයාර්බස් A330 මාදිලියේ ගුවන් යානාවක් යොදා ගනිමින් සිදු කරන මෙම ගුවන් මෙහෙයුම් සතියේ සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම සිදු කිරීම සැලසුම් කර තිබේ.    

මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමගින්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (0)

කොළඹ-බීජිං ඍජු ගුවන් ගමන් ජනවාරි 31 සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site