IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිමුතු අබේසේකර

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කළ බව එම හුවමාරුව සඳහන් කරයි. ඒ මහතා ආසන්න වසර හයක කාලයක් පුරා කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබේ. 
කොළඹ කොටස් හුවමාරුවේ වත්මන් සභාපති ඩිල්ෂාන් වීරසේකර මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව අබේසේකර මහතා නව සභාපතිවරයා ලෙස පත් කෙරී ඇතැයි සඳහන් වෙයි.
ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් වසර 35 කට අධික කාලයක අත්දැකීම් සහිත දිමුතු අබේසේකර මහතා, මෙරට සිටින ප්‍රවීණතම ප්‍රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයකු ලෙස සැලකෙයි. ඒ මහතා වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුවේ කොටස් තැරැව්කාර සමාගමක් වන ආෂා සෙකියුරිටීස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
අබේසේකර මහතා මීට පෙර කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස මෙන්ම Kalamazoo Systems PLC  (වර්තමානයේදී රේනුකා කැපිටල් පීඑල්සී) හි සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.



අදහස් (0)

කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිමුතු අබේසේකර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site