IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කළමනාකරණ විශිෂ්ටයන් ඇගැයෙන සම්මාන රාත්‍රියක්

සුජිත් හේවාජුලිගේ 


කළමනාකරණයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන 2025 ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල (NMEA) කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී ලබන මස 20 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වේ.

උත්සවය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය (IMSL) විසිනි.

තරගය සඳහා රට පුරා රාජ්‍ය ආයතන පෞද්ගලික ව්‍යවසාය රාජ්‍ය නොවන සංවිධාන සහ ලාබ නොලබන සංවිධානවලට මෙම මස 30 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

සම්මාන කාණ්ඩ, සුදුසුකම් සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු www.imslawards.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු මහතා පැවසීය.

ජාතික සංවර්ධනයට දායක වන කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය නවෝත්පාදනය සහ නායකත්වය දිරිමත් කිරීම තම ආයතනයේ ප්‍රධාන අරමුණ බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇගයීම් උළෙලේ සභාපති ප්‍රසාද් වීරසූරිය මහතා පැවසුවේ මෙම තරරගයෙන් විශිෂ්ටතා මිනුම් සලකුණු කිරීමට කළමනාකරණ ආයතනවලට ඉඩ හසර විවෘත වන බවයි.

තරගය පිළිබඳ විස්තර [email protected]  මගින් ලබාගත හැකිවේ.



අදහස් (0)

කළමනාකරණ විශිෂ්ටයන් ඇගැයෙන සම්මාන රාත්‍රියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site