භානුක අමරසිංහ
2024 වසරේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක් වූ සංචාරක ආදායමේ පංගුව, ඉක්මනින්ම සියයට සියයට 10ක් බවට පත් කරගැනීම රජයේ අරමුණ වී ඇතැයි වාර්තා පවසයි.
විශේෂයෙන්ම කැසිනෝ ව්‍යාපාරය හරහා මෙරට වෙත ආකර්ෂණය කරගන්නා ඉහළ වියදම් හැකියාවක් සහිත ධනවත් සංචාරකයන් මගින් මෙම ඉලක්කය සපුරා ගැනීම රජයේ අරමුණ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පසුගියදා රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.
“අප සතුව පවතින ආර්ථික කාරණා නිරාකරණය කරන්න සංචාරක කර්මාන්තය කියන්නේ අතිශය වැදගත් කරුණක්. ඒ නිසා මේ ඉදිරි වසර කිහිපයේදී අපි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගන්න කෙටි කාලීන වැඩසටහන් සිදු කරනවා. එහෙත් ඉදිරියේදී අපි දිගුකාලීනව වඩාත් ගුණාත්මක බවින් යුත්, තිරසාර ඉහළ ආදායමක් සහිත සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට උත්සාහ කරනවා. කැසිනෝ සහ සූදු ක්‍රීඩාව එතැනදී එක් අංගයක් වේවි.“ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
2024 වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණි අතර ඒ හරහා ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.7 කි. මේ වසරේදී ලක්ෂ 30ක සංචාරක ඉලක්කයක් හරහා ඩොලර් බිලියන 5ක ආදායමක් රැස් කරගැනීම රජයේ අරමුණ වී තිබේ.
අද වනවිට විදේශ ප්‍රේෂණ සහ ඇඟලුම් අපනයෙන් අනතුරුව මෙරට වෙත වැඩිම විදේශ විනිමයක් හිමිවන අංශය වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි.
කැසිනෝ දායකත්වයෙන් සංචාරක ආදායමේ පංගුව සියයට 10ක් දක්වා ඉහළ නැංවීමේ අපේක්ෂාවක්