IMG-LOGO

2026 මැයි මස 04 වන සඳුදා


කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සිව්වැනි සුපිරි වෙළෙඳසල නාරම්මලදී විවෘතවේ



 


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික සමාගමක් වන කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ සිව්වැනි සුපිරි වෙළෙඳසල සහ මූල්‍ය සමාගම නාරම්මල නගරයේදී එහි සභාපති රංජිත් නන්දන පීරිස් මහතා ඇතුළු ආරාධිතයන් අතින් විවෘත කෙරිණි.

දිවයින පුරා කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළෙඳසල් 10 ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ විවෘත කළ මෙම සුපිරි වෙළෙඳසලෙන් අඩු මුදලකට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවී ඇත.

සම්ප්‍රදායික කෘෂිකාර්මික දැනුම හා නවීන පාරිසර හිතකාමී ලොව පුරා ඉහළ ඉල්ලු‍මක් ඇති කෘෂිකාර්මික බෝග වගා කිරීම හා ඒවා අපනයනය කිරීම මෙම සමාගම මගින් සිදු කරන බවත් ඒ සඳහා නව වගාකරුවන්ට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ලබාදීමෙන් නව ව්‍යවසායකයන් බිහිකිරීම තම සමාගමේ අරමුණ බවත් කසාගල ප්ලාන්ටේෂන් සමාගමේ සභාපති රංජිත් නන්දන පීරිස් මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට එම සමාගමේ අනුශාසක ඇල්පිටිය පිටිගල රතනමාලී මහා පිරිවනේ විහාරාධිපති උහන්ඕවිට පියරතන හිමි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහ එම සමාගමේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සිව්වැනි සුපිරි වෙළෙඳසල නාරම්මලදී විවෘතවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site