IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


කෘෂිකාර්මික සංගණනය ඔක්. 01 සිට 15 දක්වා


ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කෘෂිකාර්මික සංගණනය ඔක්තෝබර් 01 වැනිදා සිට 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

2024 වසරේදී සිදු කරන ලද ජන හා නිවාස සංගණනයෙන් පසුව සිදු කරන ආර්ථික සංගණනය යටතේ මෙම කටයුතු සිදු කෙරේ. ඒ අනුව 2026 වසර තුළ මෙලෙස කෘෂිකාර්මික සංගණනය සිදු කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

මෙහිදී සමස්ත දිවයිනම ආවරණය වන ආකාරයට ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටම දක්වා කෘෂිකාර්මික අංශයේ ව්‍යුහය පිළිබඳව ගණන් ගැනේ. මෙම සංගණනය මගින් ඉදිරි කෘෂිකාර්මික සංඛ්‍යාලේඛන ඇස්තමේන්තු කිරිම සඳහා පාදක ලකුණක් සකස් කරගැනීම සහ ඉදිරි වසර 10 සඳහා කෘෂිකාර්මික සමීක්ෂණ පැවැත්වීමට අදාළ නියැදි රාමුව සකස් කිරිම අරමුණ බවත් දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

කෘෂිකාර්මික සංගණනය ඔක්. 01 සිට 15 දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site