IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


කෘෂි ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට HNB සහ TVS Lanka අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සොනාලිකා ට්‍රැක්ටර්ස් (Sonalika Tractors)  ප්‍රවර්ධනය කිරීම සඳහා TVS Lanka  (පුද්) සමාගම සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයHNB හි ලීසිං සේවා පුළුල් කරන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි කිරීමට සහාය වේ.
මෙම හවුල්කාරිත්වය හරහා HNB iska Sonalika Tractors  මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ලීසිං පැකේජ සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි.
මෙම හවුල්කාරීත්ය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ශක්තිය සඳහා ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික ඵලදායිතාව ඉතා වැදගත්. TVS Lanka සමග වන මෙම හවුල්කාරිත්වය හරහා අප දිවයින පුරා සිටින ගොවීන්ට සහ කෘෂි ව්‍යවසායකයන්ට නවීන ගොවිතැන් උපකරණ වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා ගැනීමට උපකාරී කරනවා. එමෙන්ම එක් එක් පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන ලෙස සැකසූ HNB හි ලීසිං විසඳුම් සමගින්, පාරිභෝගිකයන්ට නම්‍යශීලී මූල්‍ය විසඳුම් සහ විශ්වාසදායක උපදේශන සහාය ලැබෙන බව ද සහතික කරනාවා.” 
“Sonalika Tractors ඉහළ කාර්ය සාධනය, කල් පැවැත්ම සහ ඉන්ධන කාර්යක්ෂමතාව වැනි අද කාලයේ ගොවි ප්‍රජාවට අත්‍යවශ්‍ය ලක්ෂණ සමගින් නිර්මාණය කර තිබෙනවා. HNBසමග එක්ව කටයුතු කිරීමෙන් අපට විශ්වාසදායක යන්ත්‍රෝපකරණ සහ පහසු මූල්‍යකරණයක් පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා දීමට හැකියි. මෙම හවුල්කාරිත්වය ග්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ සහ කෘෂිකාර්මික ආර්ථිකයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අපගේ ඒකායන ඉලක්කයට සහාය වනවා.” යනුවෙන් TVS Lanka ප්‍රධාන විධායක නිළධාරී ගීතාල් ඇන්තනි මහතා සඳහන් කළේය.



අදහස් (0)

කෘෂි ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට HNB සහ TVS Lanka අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site