IMG-LOGO

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා


ක්ලයිව් ෆොන්සේකාට මහජන බැංකුවේ ලොකු පුටුවක්

(රංජන් කස්තුර)

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කරනු ලැබ සිටියි.

ෆොන්සේකා මහතා ඉකුත් ජනවාරි මස 01 වැනි දින සිට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ද කටයුතු කළේය.

බැංකු කෙෂ්ත්‍රයේ ප්‍රවීණයකු වන ක්ලයිව් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනපති උපාධියක් ලබා ඇති ෆොන්සේකා මහතා භාණ්ඩාගාර කළමනාකරණ පිළිබඳ විශේෂඥයක් ලෙස ද ප්‍රකටය.



අදහස් (0)

ක්ලයිව් ෆොන්සේකාට මහජන බැංකුවේ ලොකු පුටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site