IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


කලම්බු ඩොක්යාර්ඩ් සිය මූල්‍ය වර්ෂය වෙනස් කිරීමට යයි

  • සමාගමේ මූල්‍ය වර්ෂයේ අවසන් වීම දෙසැම්බර් 31 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා ලෙස වෙනස් කරන බව එම සමාගම දැනුම් දෙයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සිය මූල්‍ය වර්ෂය වෙනස් කිරීම සඳහා කටයුතු යොදන බව පවසයි. ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිව තිබේ. 
ඒ අනුව සමාගමේ මූල්‍ය වර්ෂයේ අවසන් වීම දෙසැම්බර් 31 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා ලෙස වෙනස් කරන බව එම සමාගම දැනුම් දී තිබේ. මෙම වෙනසත් සමගින් සමාගමේ මූල්‍ය වර්ෂයට අදාළ කාලය ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා මාස 15ක කාලයක් ආවරණය වනු ඇතැයි පැවසෙයි. 
කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වය සහිත මව් සමාගම වන ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් සමාගමේ මූල්‍ය වර්ෂය අනුව ගැළපීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව පවසයි. ඒ හරහා සමූහයෙහි මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම වඩාත් පහසු වන බව අදහස වී තිබේ.
කෙසේ වෙතත් අදාළ වෙනස් කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සඳහන් වෙයි.



අදහස් (0)

කලම්බු ඩොක්යාර්ඩ් සිය මූල්‍ය වර්ෂය වෙනස් කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site