IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


කලම්බු ඩොක්යාර්ඩ් රු.බිලියන 12.9ක හිමිකම් නිකුතුව කල් යයි

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සැලසුම් කළ රු.බිලියන 12.9ක් වටිනා හිමිකම් කොටස් නිකුතුව කල් දමා ඇතැයි එම සමාගම පවසයි. ඊයේ දිනයේදී ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම එම හුවමාරුව වෙත මේ බව සඳහන් කර තිබේ. නොවැළැක්විය හැකි හේතු කිහිපයක් නිසා මෙම තීරණය ගත් බවත්, නිකුතුව සිදුකරන නව කාලසීමාවන් අවශ්‍ය නියාමන අනුමැතින් හිමිවීමෙන් පසුව ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසයි. 

මෙහිදී කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් දෙකක් සඳහාම අලු‍තින් කොටස් නවයක් නිකුත් කිරීම සැලසුම විය. ඒ අනුව නිකුත් කිරීමට නියමිතව තිබූ සමස්ත කොටස් 323,365,158 කි. එහිදී එක් කොටසක් රු. 40ක් බැගින් මිල කෙරුණු අතර නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වූ වටිනාකම රු. 12,934,606,320 කි. එම මුදල් සමාගමේ මූල්‍ය තත්වය ශක්තිමත් කරගැනීමට සහ කාරක ප්‍රාග්ධනය දියුණු කරගැනීම සඳහා උපයෝගී කර ගන්නා බවද සමාගම එහිදී පවසා තිබුණි. 

විශේෂයෙන්ම කලම්බු ඩොක්යාර්ඩ් සමාගම මේ වනවිට දරුණු මූල්‍ය අර්බුදයක පසුවන අතර, මේ හේතුවෙන් එය කොළඹ කොටස් හුවමාරුවේ Watch List වෙතද ඇතුළු කර තිබේ. මේ අතර සමාගමේ සියයට 51ක කොටස් ප්‍රතිශතයක් ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඞ් සමාගම අත්පත් කරගැනීමෙන් පසුව මෙම හිමිකම් නිකුතුව සැලසුම් කෙරිණි. අද වනවිට කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 714,395,757 කි.

 

 



අදහස් (0)

කලම්බු ඩොක්යාර්ඩ් රු.බිලියන 12.9ක හිමිකම් නිකුතුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site