IMG-LOGO

2026 අප්‍රේල් මස 01 වන බදාදා


කලම්බු ඩොක්යාර්ඩ් නිපදවූ “Misje Kandy” නෞකාව හිමිකරැට භාරදෙයි

මෙය නෝර්වේහි Misje EcoBluk AS වෙත නිපදවූ 10 වැනි නෞකාවයි 


මෙය මීටර් 89.95ක් දිග, Hybrid තාක්ෂණයෙන් ක්‍රියාත්මක නෞකාවකි


කොළඹ නැව් තටාකාංගනය හෙවත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම මගින් නිපදවූ Misje Kandy නෞකාව එහි හිමිකරුවා වන නෝර්වේ ජාතික රෝල්ඩ් මිස්ජේ (Roald Misje) මහතාට වෙත භාරදීම පසුගියදා සිදු විය. 
ශ්‍රී ලංකාවේ මහනුවර සිහිපත් කිරීම වෙනුවෙන් මෙම නෞකාව වෙත “Misje Kandy” යන නම ලබාදී ඇත්තේද සමාගමේ හිමිකරුවා වන රෝල්ඞ් මිස්ජේ මහතා වීම වි‍ශේෂත්වයකි. 
මෙය නෝර්වේහි පිහිටි පරිසර හිතකාමී නෞකා සමාගමක් වන Misje EcoBluk AS වෙත තමන් නිෂ්පාදනය කළ දස වැනි නෞකාව බවද කලම්දබු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම පවසයි. 2020 වසරේදී මෙම නෞකා ඉදිකිරීම ආරම්භ කර තිබේ. අනෙක් නෞකා 09 ම මේ වන විට යුරෝපා සාගර මත මෙහෙයුම් කරමින් සිටියි.  මෙම නෞකාව භාරදීමේ සුවිශේෂී අවස්ථාව සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද සහභාගී වූහ. මීටර් 89.95ක් දිග, Hybrid තාක්ෂණයෙන් ක්‍රියාත්මක, DNV- පන්තියට අයත් මෙම නෞකාව සතුව නවීනතම බලශක්ති ගබඩා බැටරි පද්ධතියක්  (ESS). සමන්විත මේ හරහා මෙහෙයුම් කාර්යසාධනය ඉහළ නැංවීම මෙන්ම පරිසරයට සිදුවන බලපෑමද අඩු කරන බව සඳහන් වෙයි.  
ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට හිමිව තිබූ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම අද වන විට ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් සමාගමට අයත්ය.



අදහස් (0)

කලම්බු ඩොක්යාර්ඩ් නිපදවූ “Misje Kandy” නෞකාව හිමිකරැට භාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site