IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


කලම්බු ඩොක්යාර්ඩ් කොටස් CSE හි ගනුදෙනු අත්හිටුවීම කල් යයි

භානුක අමරසිංහ 
කොළඹ කොටස් හුවමාරුෙව් ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ කොටස් එහි ගනුදෙනු කිරීම අත්හිටුවීම ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම පවසයි. 
මීට පෙර පැවැති තත්වය අනුව සමාගමෙහි කොටස් ගනුදෙනු ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට අත්හිටුවීම නියමිතව තිබුණි. පිළිවෙළින් 2023 දෙසැම්බර් 31 සහ 2024 දෙසැම්බර් 31 යන මූල්‍ය වර්ෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු ස්වාධීන විගණන වාර්තා අනුව 2024 ජූනි 10 වැනිදා සිට 2025 ජූනි 16 වැනිදා යන දිනයන්හිදී සමාගමේ කොටස් කොළඹ කොටස් හුවමාරුවේ watch list ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි. 



අදහස් (0)

කලම්බු ඩොක්යාර්ඩ් කොටස් CSE හි ගනුදෙනු අත්හිටුවීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site