
කලාපීය රටවල් කිහිපයක් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනු ඉන්දීය රුපියල් වටිනාකමින් සිදු කිරීමට ඉන්දියානු මහ බැංකුව හෙවත් ඉන්දියානු සංචිත බැංකුව (RBI) තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ශ්රීර ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇතැයි සඳහන් වෙයි.
එසේම එම රටවල් සඳහා ලබාදෙන ණය මුදල්දඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට මෙන්ම සිදුකරන ආයෝජනද ඉන්දියානු රුපියල් මගින් සිදු කිරිමට මහ බැංකුව තීරණය කර ඇති බවත් එරට මාධ්‍යද වැඩිදුරටත් සඳහන් කර සිටියි. කලාපයේ රටවල් අතර වෙළෙඳාමේදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඉන්දියානු මහ බැංකුව පවසා තිබේ.
කලාපීය රටවල් සමග රුපියලෙන් ගනුදෙනු කිරීමට ඉන්දියාවේ තීරණයක්