IMG-LOGO

2026 මාර්තු මස 30 වන සඳුදා


කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානයට පෞද්ගලික හවුල්කරුවකු සොයයි

නිමල කොඩිතුවක්කු


කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට පෞද්ගලික හවුල්කරුවකු තෝරා ගැනීමේ අභිලාෂ කැඳවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෙරවළපිටියේ රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩම් කොටසක් ශ්‍රී ලංකා රේගුව වෙත පවරා දීම පිණිස 2025-03-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී ඇති අතර, එම රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය පිහිටු වීම සඳහා වන ක්‍රමවේදය තීරණය කිරීම පිණිස කමිටුවක් පත් කර ඇත.
එම කමිටුව විසින් වඩාත් ශක්‍යතාවකින් යුත් ව්‍යාපාරික ආකෘතියක් තෝරා ගැනීම පිණිස යෝග්‍ය නිර්ණායක සහිතව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, එකී කමිටුවේ නිර්දේශය මත පදනම්ව, යෝජිත කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දෙමුහුන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු පෞද්ගලික හවුල්කරුවකු තෝරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ ඉල්ලීම් සහ යෝජනා සඳහා වන ඉල්ලීම් කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානයට පෞද්ගලික හවුල්කරුවකු සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site