IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


කිරිවලින් ස්වයංපෝෂිත වන්නේ කවදාද?

  • දේශිය දියර කිරි නිෂ්පාදනය 2024 වසරේදී ලීටර් කෝටියකින් ඉහළ ගියත් අවශ්‍යතාවෙන් සියයට 61.6 ක්ම ආනයනය කරලා  
  • බස්නාහිර පළාතේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 3,43,23,673 ක් වූ අතර 2024 වසරේදී එය ලීටර් 2,61,71,740 ක් දක්වා   ලීටර් 81,51,933 කින් අඩුවෙලා
  • මධ්‍යම පළාතේ 2023 වසරේදී දියර කිරි ලීටර් 7,50,39,067 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී එය ලීටර් 8,16,13,821 ක් දක්වා ලීටර් 65,74,754 කින් ඉහළ ගිහින්
  • දකුණු පළාතේ දියර කිරි නිෂ්පාදනය 2024 වසරේදී ලීටර් 1,36,333 කින් අඩු වෙලා
  • උතුරු පළාතේ දියර කිරි නිෂ්පාදනයත් ලීටර් 14,82,112 කින් අඩු වෙලා
  • වයඹ පළාතේ දියර කිරි  නිෂ්පාදනය ලීටර් 51,25,924 කින් ඉහළට
  • ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 801.15 ක්. එනම් ලීටර් කෝටි 80.1 ක්
  • මුළු කිරි අවශ්‍යතාවෙන් සියයට 61.6 ක් එනම් ලීටර් මිලියන 494.03 ක් තවමත් ආනයනය කරනවා

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

2024 වසරේ දියර කිරි නිෂ්පාදනය 2023 වසරට වඩා ලීටර් එක් කෝටි හැත්තෑ හතර  දහස් නවසිය විසි හතරකින් (1,00,74,929) ඉහළ ගොස් තිබුණද එම වසරේ දේශිය කිරි අවශ්‍යතාවෙන් සියයට 61.6 ක්ම ආනයනය කිරීමට සිදුව තිබූ බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

2023 වසරට සාපේක්ෂව 2024 වසරේ දේශිය දියර කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත අනුව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කළ තොරතුරු ඉල්ලීමකට එම දෙපාර්තමේන්තුවේ පශු සම්පත් සැලසුම් සහ ආර්ථික අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කේ.එම්.එච්.ඒ. සරත් ප්‍රියන්ත මහතා විසින් ලබා දී ඇති තොරතුරුවල මේ බව සදහන් වෙයි. එම තොරතුරු අනුව 2024 වසරේදී දේශීය දියර කිරි නිෂ්පාදනය ඇතැම් පළාත්වල අඩු වී ඇතැම් පළාත් වල වැඩි වී ඇති බවද පෙන්නුම් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 4,35,65,74 ක් වූ අතර 2024 වසරේදී එය ලිටර් 4,81,11,849 ක් විය. පුත්තලම දිස්ත්‍රික්කයේ 2023 වසරේදී  කිරි ලීටර් 1.35,18,207 ක් වූ  අතර එය 2024 වසරේදී ලීටර් 1,40,98,028 දක්වා ඉහළ ගොස් තිබේ. 

 

බස්නාහිර පළාතේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 3,43,23,673 ක් වූ අතර 2024 වසරේදී එය ලීටර් 2,61,71,740 ක් දක්වා   ලීටර් 81,51,933 කින් අඩු වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ 2023 වසරේදී දියර කිරි ලීටර් 63,25,833 ක් නිපදවා තිබූ අතර 2024 වසරේ නිපදවා ඇත්තේ ලීටර් 59,57,312 ක් පමණි. ගම්පහ දිස්ත්‍රික්කයේ 2023 වසරේදී ලීටර් 1,71,06,742 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී නිපදවා ඇත්තේ ලීටර් 1,38,36,217 කි. කළුතර දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 1,08,91,098 ක් නිපදවා තිබූ නමුත් 2024 වසරේදී නිපදවා ඇත්තේ ලීටර් 63,78,211 ක් පමණකි.

මධ්‍යම පළාතේ 2023 වසරේදී දියර කිරි ලීටර් 7,50,39,067 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී එය ලීටර්  8,16,13,821 ක් දක්වා ලීටර් 65,74,754 කින් ඉහළ ගොස් තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 1,06,38,940 ක් නිපදවා තිබූ අතර එය 2024 දී ලීටර් 1,34,71,459 දක්වා   ඉහළ ගොස් තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ 2023 වසරේදී  කිරි ලීටර් 1,05,71,893 ක් වූ අතර 2024 වසරේදී ලීටර් 1,18,30,847 ක් දක්වා ඉහළ ගොස්   තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 2023 වසරේදී දියර කිරි ලීටර් 5,38,28,235 ක් නිපදවා තිබූ අතර එය 2024 වසරේදී ලීටර් 5,63,11,515 දක්වා ඉහළ ගොස් ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. 

දකුණු පළාතේ 2023 වසරේ දියර කිරි ලීටර් 2,86, 47,120 ක් නිෂ්පාදනය  කර තිබූ අතර එය 2024 වසරේදී ලීටර් 2,85,10,787 ක් දක්වා ලීටර්  1,36,333 කින් අඩු වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ 2023 වසරේ නිපදවා තිබූ  කිරි ලීටර් 84,24,978 පසු වසරේ එනම් 2024 වසරේදී 83,10,034 ක් දක්වා අඩු වී තිබිණ. මාතර දිස්ත්‍රික්කයේ 2023 වසරේදී ලීටර් 50,31,282 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී ලීටර් 46,53,003 ක් දක්වා අඩු වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2023 වසරේ කිරි ලීටර් 1,51,90,860 ක් නිපදවා තිබූ අතර එය 2024 වසරේදී 1,55,47,750 දක්වා ඉහළ ගොස් තිබේ. 

උතුරු පළාතේ  2024 වසරේ දියර කිරි නිෂ්පාදනය 2023 වසරේදී ලීටර් 4,51,21,776 ක් වූ අතර 2024 වසරේදී එය ලීටර් 4,36,39,664 ක් දක්වා ලීටර්  14,82,112 කින් අඩු වී තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ 2023 වසරේ ලීටර් 1,70,44,922 ක් නිපදවා තිබූ අතර 2024 දී එය ලීටර් 1,86,05,563 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ 2023 වසරේදී 58,52,921 ක් නිපදවා තිබූ නමුත් එය 2024 වසරේදී  ලීටර් 25,85,936 ක් දක්වා අඩු වී තිබේ. වව්නියාව දිස්ත්‍රික්කයේ 2023 වසරේ දී ලීටර් 19,74,909 ක් නිපදවා තිබූ නමුත් 2024 වසරේදී  එය ලීටර් 1,07,03,142 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 1,33,21,132 ක් නිපදවා තිබූ  අතර එය 2024 වසරේදී  ලීටර් 64,57,431 දක්වා අඩු වී  තිබේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 2023 වසරේ ලීටර් 69,27,892 ක් නිපදවා තිබූ නමුත් 2024 වසරේදී එය ලීටර් 52,87,592 ක් දක්වා අඩු වී තිබේ. 

නැගෙනහිර පළාතේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 2,70,62,183 ක් වූ අතර 2024 දී එය 2,94,55,220  ක් දක්වා ලීටර් 23,93,037 කින් ඉහළ ගොස් තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 51,72,627 ක් නිපදවා තිබූ අතර 2024 දී එය 59,62,622 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ 2023 වසරේදී  ලීටර් 1,28,62,342 ක් නිපදවා තිබූ  අතර එය 2024 වසරේදී  ලීටර් 1,39, 41,305 දක්වා ඉහළ ගොස් තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 90,27,214 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී එය ලීටර් 95,51,295 ක් දක්වා ඉහළ  ගොස් තිබේ. 

වයඹ පළාතේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 5,70,83,953 ක් වූ අතර  එය 2024 වසරේදී ලීටර් 6,22,09,877 දක්වා ලීටර් 51,25,924 කින් ඉහළ ගොස් තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 4,35,65,74 ක් වූ අතර 2024 වසරේදී එය ලිටර් 4,81,11,849 ක් විය. පුත්තලම දිස්ත්‍රික්කයේ 2023 වසරේදී  කිරි ලීටර් 1.35,18,207 ක් වූ  අතර එය 2024 වසරේදී ලීටර් 1,40,98,028 දක්වා ඉහළ ගොස් තිබේ. 

ඌව පළාතේ 2023 වසරේ දියර කිරි ලීටර් 3,13,04,882 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී එය ලීටර් 3,19,82,807 ක් දක්වා ලීටර් 6,77,925 කින් වැඩි වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ 2023 වසරේදී ලීටර් 1,96,05,339 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී  ලීටර් 1,89,25,558 ක් දක්වා අඩු වී  තිබිණ. මොණරාගල දිස්ත්‍රික්කයේ 2023 වසරේ  කිරි ලීටර් 1,16,99,543 ක් නිපදවා තිබූ අතර එය 2024 වසරේදී ලීටර් 1,30,57,249 ක් දක්වා වැඩි වී තිබේ. 

උතුරු මැද පළාතේ 2023 වසරේ දියර කිරි නිෂ්පාදනය ලීටර් 6,54,93,566 ක් විය එය 2024 දී 7,06,28,875 ක් දක්වා ලීටර් 51,35,309 කින් ඉහළ ගොස් තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2023 වසරේදී  කිරි ලීටර් 5,11,28,081 ක් නිපදවා තිබූ අතර 2024 දී එය ලීටර් 5,46,64,694 ක් දක්වා වැඩි වී තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ2023 වසරේදී කිරි ලීටර් 1,43,65,485 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී ලීටර් 1,59,64,181 ක් දක්වා වැඩි වී  තිබේ. 

සත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 801.15 කි. එනම් ලීටර් කෝටි 80.1 කි. එහෙත් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ නිපදවන්නේ එයින් සියයට 47.4 ක් පමණකි. එනම් ලීටර් මිලියන 380.02  ක් පමණි. ඉතිරි ප්‍රමාණය මුළු කිරි අවශ්‍යතාවෙන් සියයට 61.6 ක් එනම් ලීටර් මිලියන 494.03 ක් තවමත් ආනයනය කරනු ලබයි.

 

සබරගමුව පළාතේ 2023 වසරේදී කිරි ලීටර් 62,47,662 ක් නිපදවා තිබූ අතර එය 2024 වසරේදී ලීටර් 61,86,019 ක් දක්වා අඩු වී තිබේ.  රත්නපුර දිස්ත්‍රික්කයේ 2023 වසරේදී කිරි ලීටර් 37,71,625 ක් නිපදවා තිබූ අතර 2024 වසරේදී එය ලීටර් 38,97,336 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ 2023 වසරේදී  කිරි ලීටර් 24,76,037 ක් නිපදවා තිබිණ. එය 2024 වසරේදී ලීටර් 22,88,684 ක් දක්වා අඩු වී තිබේ. මෙම සියලු‍ දත්ත අනුව ශ්‍රී ලංකාවේ සමස්ත දියර කිරි නිෂ්පාදනය 2023 වසරට වඩා 2024 වසරේදී ලීටර් එක් කෝටි හැත්තෑ හතර දහස් නවසිය විසි නවයකින්(1,00,74,929) ඉහළ ගොස් ඇති බව පෙන්වයි. කෙසේ වුවත්  බස්නාහිර,දකුණ, උතුර, සහ සබරගමුව පළාත්වල දියර කිරි නිෂ්පාදනය 2023 වසරට වඩා 2024 වසරේදී අඩු වී ඇති අතර මධ්‍යම, නැගෙනහිර, වයඹ, ඌව, සහ උතුරුමැද යන පළාත්වල දියර කිරි නිෂ්පාදය 2023 වසරට වඩා  2024 වසරේදී සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී  තිබේ.

සත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර් මිලියන 801.15 කි. එනම් ලීටර් කෝටි 80.1 කි. එහෙත් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ නිපදවන්නේ එයින් සියයට 47.4 ක් පමණකි. ලීටර් මිලියන 380.02  ක් පමණි. ඉතිරි ප්‍රමාණය එනම් මුළු කිරි අවශ්‍යතාවෙන් සියයට 61.6 ක් එනම් ලීටර් මිලියන 494.03 ක් තවමත් ආනයනය කරනු ලබයි.

මෙම දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ අපේ රට දියර කිරි වලින් ස්වයංපෝෂිත වීමේ දුර තව බෝහෝ ඈතක බව නොවේද?



අදහස් (0)

කිරිවලින් ස්වයංපෝෂිත වන්නේ කවදාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site