නිමල කොඩිතුවක්කු
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපතිවරයා විසින් 2024 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබා ගැනීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
එම අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික උපදේශන සේවාව සපයා ගැනීමේ වගකීම සහ එම ප්‍රදානයට අදාල භාණ්ඩ හා උපකරණ බදු වලින් නිදහස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී ඇත.
කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කෙරේ