IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ක්‍රමවත් ඩිජිටල් ලාභාංශ ගෙවීමේ සේවා සැපයීමට මධ්‍යම තැන්පතු ක්‍රමය - NDB හවුල්කාරීත්වයක

කොළඹ කොටස් හුවමාරුවේ  (CSE)  පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මධ්‍යම තැන්පතු ක්‍රමය  (CDS)  සහ ජාතික සංවර්ධන බැංකුව (NDB)  ඒකාබද්ධව ක්‍රමවත් ලාභාංශ ගෙවීම් පද්ධතියක් සැපයීම හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ පද්ධතිවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු කර ඇත.

මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ප්‍රාග්ධන වෙළෙඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සමාගම් සහ ආයෝජකයන් සඳහා ආයෝජන ක්‍රියාවලිය විධිමත් කිරීමයි. සේවා ගිවිසුමක් මගින් විධිමත් කරන ලද මෙම හවුල්කාරිත්වය හරහා, ජාතික සංවර්ධන බැංකුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්වලට වෙන් වූ පද්ධතියක් හරහා ලාභාංශ ගෙවීම් බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව ලබා දෙයි. ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු, චෙක්පත් හරහා ගෙවීම් සහ වෙනත් අභිරුචිකරණය කළ ක්‍රම ඇතුළු බහුවිධ බෙදා හැරීම් අවස්ථා ඒ හරහා පිරිනැමේ.  එමගින් ප්‍රමාදය සහ දෝෂ අවම කරමින් කොටස් හිමියන්ට ඉක්මන්, සෘජු හුවමාරු ඔස්සේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසයි.

සමාගම් සඳහා ලාභාංශ බෙදා හැරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ සහ ඒවායේ සමස්ත ආයෝජක සබඳතා වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය දැක්විය හැක. විකාශනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ අවශ්‍යතාවලට උපකාරී වන නව්‍ය මුදල් කළමනාකරණ සේවා ලබා හරහා, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය විධිමත් කිරීමට මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ගනු ලැබූ සුවිශේෂී කාර්යභාරයක් ලෙස මෙම හවුල්කාරිත්වය ගත හැක.

 



අදහස් (0)

ක්‍රමවත් ඩිජිටල් ලාභාංශ ගෙවීමේ සේවා සැපයීමට මධ්‍යම තැන්පතු ක්‍රමය - NDB හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site