IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කාර් මිල ලක්ෂ 15කින් පහළ ගිහින් - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

අලු‍ත් වාහනයකට මාරු වීමට සිටි පිරිස් එම තීරණය පමා කිරීම මිල අඩුවීමට හේතුවක්
ලියාපදිංචි කළ වාහනයක මිලද මේ වනවිට සැලකිය යුතු ගණනකින් පහළ යමින් තිබෙනවා
පාවිච්චි කළ වාහනවල මිල ඉදිරියේදී තවත් පහළට
පාවිච්චි කළ වාහන මෙතෙක් අලෙවි වූයේ අලෙවි විය යුතු මිලට වඩා වැඩි මිලකට


විමුක්ති එස් රුද්‍රිගු


ලියාපදිංචි නොකළ සාමාන්‍ය මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5ත් 15ත් අතර ගණනකින් පහළ ගොස් ඇති බවත් ලියාපදිංචි කළ වාහනයක මිලද මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යමින් තිබෙන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය.

පාවිච්චි කළ වාහනවල මිල ඉදිරියේදී තවත් පහළ යනු ඇති බවත් මෙතෙක් පාවිච්චි කළ වාහනවල මිල පහළ නොගියේ වාහනවලට පැවැති අධික ඉල්ලු‍ම නිසා බවද මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය. පාවිච්චි කළ වාහන මෙතෙක් අලෙවි වූයේ අලෙවි විය යුතු මිලට වඩා වැඩි මිලකට බවද ඒ මහතා පැවැසුවේය.

වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව මෙරටට විශාල වශයෙන් වාහන ආනයනය කිරීම ආරම්භ වූ බවත් වසර 5 ක ඉල්ලු‍මක් තිබීම හේතුවෙන් වාහන ප්‍රදර්ශනාගාරයට පැමිණීමටත් ප්‍රථම අලෙවි වූ බවත් මෙරෙන්චිගේ මහතා පැවැසුවේය.

විදුලි බල මණ්ඩලය පමණක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළද පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රධාන කරුණක් බවත් ඔහු පැවැසුවේය. එමගින් රාජ්‍ය ව්‍යවසායවලට පාඩු නොලබා සිටීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය ව්‍යවසායක් පාඩු ලබන විට එය බදු ගෙවන්නන්ට බරක් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විදුලිය උත්පාදනයට යන පිරිවැය අයකර ගතහැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ව්‍යූහාත්මක කඩඉම් ඉලක්කයක් බවත් 2027 වසරේ වැඩසටහන අවසන් වන තුරු එම ඉලක්කය අනුව අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත් ඔහු පැවැසුවේය. ලංකා විදුලිබල මණ්ඩලය ඔක්තෝබරයේ විදුලිය ගාස්තුව වැඩි කිරීමට අවසර දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලිඛිතව කර ඇති ඉල්ලීම මෙන්ම ලබන මස අවසන් වනවිට සපුරාලිය යුතු කඩඉම් ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා ඇත්දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි සති හා මාස කීපයේදී ඇස්තමේන්තු කරනු ඇති බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

කාර් මිල ලක්ෂ 15කින් පහළ ගිහින් - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site