‘බිස්න්ස් ටුඩේ’ සඟරාව විසින් වාර්ෂිකව පළ කරන zTOP 40z ආයතනික ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය අත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 17 වැනි වසරටත් ලංකාවේ හොඳම කාර්ය සාධනය සහිත බැංකුව මෙන්ම ශක්තිමත්ම ආයතන පහෙන් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් අතරින් අංක 01 ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුවට සමස්ත ලකුණු 37.65 ක් ලබා දී ඇත.
උපායමාර්ගික පරිවර්තනය, විනයගරුක ක්‍රියාකලාපය, දිගුකාලීන තිරසාර වර්ධනය වෙනුවෙන් දැක්වූ නොසැලෙන කැපවීමෙන් කොමර්ෂල් බැංකුව 2024 වසර සාර්ථකව නිම කළ බව පෙන්වා දුන් ‘බිස්නස් ටුඩේ’ සඟරාව, මෙම ශ්‍රේණිගත කිරීමේ දී වසර අවසානයේ දී, .නොසැලී සිටි පහන් ටැඹක්” ලෙස කොමර්ෂල් බැංකුව හදුන්වා දුන්නේය. මෙම ප්‍රකාශනය මගින් ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර හරහා මෙහෙයුම් දියත් කිරීම සඳහා බැංකුව සතු ශක්තිය, එහි හෘදයාංගම පාරිභෝගික අවධානය සහ කාර්යසාධන ගමන් පථය, අගය කර ඇති අතර ශ්‍රී ලංකාවේ බාධක හමුවේ නොසැලී සිටීමේ ඉහළ ම හැකියාවක් ඇති, සහ වඩාත් ම පාරිභොගික කේන්ද්‍රීය වූ මූල්‍ය ආයතනය ලෙස බැංකුව අත්කරගෙන ඇති කීර්තිනාමය තවත් ශක්තිමත් කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවැසීය. “‘බිස්නස් ටුඬේ’ හි ඉහළම ශ්‍රේණිගත සමාගම් 40 අතරින් පළමු ස්ථානයට පත්වීම, දුෂ්කර වූ තත්වය සහ තීරණාත්මක පරිවර්තනවලින් පිරි වසරක් පුරාවට බැංකුව මෙහෙයවීමට අපට ශක්තිය දුන් අපගේ විනය, ඔරොත්තු දීමේ හැකියාව, සහ අරමුණ පිළිබඳ ප්‍රබල සහතිකයකි. 2024 වසරේ අපගේ කාර්ය සාධනය නිර්වචනය කරන ලද්දේ, මූලධර්ම පද්ධතිය ශක්තිමත් කිරීම, පාරිභෝගික සේවා සැපයීම, දිගුකාලීන සංවර්ධනය වෙනුවෙන් ආයතනය සූදානම් කිරීම ආදී වූ අපගේ ප්‍රමුඛතා අත්නොහැර, ව්‍යාකූල වූ තත්වය හමුවේ අප සාර්ථකව ඉදිරියට ආ ගමනයි. මෙම ශ්‍රේණිගත කිරීම හුදෙක් සම්මානයක් පමණක් ම නොවේ. එය, අපගේ උපායමාර්ග ප්‍රතිඵලදායක වන බවටත්, නව විශ්වාසයකින් යුතුව ජාතික සංවර්ධනයට දායක වීමට බැංකුවට මනා හැකියාවක් පවතින බවටත් වූ සාක්ෂියකි.”
බිස්නස් ටුඬේ සඟරාව මගින් ද බැංකුව අදාළ වසර තුළදී දැක්වූ වාර්තාගත මූල්‍ය කාර්යසාධනය ඉස්මතු කරන ලදී. කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා උපුටා දක්වමින් සඟරාව පැවසූයේ, බැංකුව තම ඉතිහාසයේ ඉහළම ලාබය ලබා ඇති බවත්, කාර්යක්ෂමතාව, ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීය පරිවර්තනය කෙරෙහි දැඩිව අවධානය යොමු කිරීම මෙම ප්‍රතිඵලයට හේතු වූ බවයි. බැංකුව තම එහි වෙළෙඳපොළ තත්වය ශක්තිමත් කිරීමට සහ ආර්ථිකව ප්‍රකෘති තත්වයේ පැවතීමට මෙම ගුණාංග වලින් අර්ථවත් දායකත්වයක් ලැබී ඇති බවද සඟරාව පෙන්වා දුන්නේය.
කොමර්ෂල් බැංකුව 2024-25 ‘බිස්නස් ටුඩේ TOP 40’ ලැයිස්තුවේ අංක එකට