එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර, මෙම ගෞරවය 13 වතාවක්ම හිමිකරගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් “ද බෑන්කර්” ගෝලීය ශ්‍රේණිගත කිරීමේ 2025 සංස්කරණයේ 931 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ලොව ශක්තිමත්ම බැංකු ආයතනවලින් සැදුම්ලත් මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථානය හිමි ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකුව ලෙස තම විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමිනි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමෙහි 13 වතාවක්ම පැමිණීමට හැකිවීමෙන් පිළිබිඹු වන්නේ මෙරට ඉතිහාසයේ දුෂ්කරම කාලපරිච්ඡේදවලදී අපගේ මූල්‍ය ශක්තිය, යහපාලනය සහ නොසැලී සිටීම වෙනුවෙන් දැක්වූ කැපවීමයි. දේශීය මෙන්ම ගෝලීය මෙහෙයුම් පරිසරය අභියෝගාත්මක වී තිබියදීත් අපි මූලික හරයන් හා උපායමාර්ගික ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කළෙමු.”
ලොව විශාලතම බැංකු 5000 කට අධික සංඛ්‍යාවක දත්ත සමුදායකින් සම්පාදනය වන “ද බෑන්කර්” සඟරාවෙහි ප්‍රමුඛතම ගෝලීය බැංකු 1000 ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය පදනම් වන්නේ බැංකුවක මූල්‍ය ශක්තිය පිළිබඳ ප්‍රධාන දර්ශකය වන, පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනය මත වන අතර, එය කාර්යසාධනය හා ස්ථාවර බව මැනීම සඳහා යොදාගන්නා කර්මාන්ත ප්‍රමිතිය ලෙස ද සැලකේ.
“ද බෑන්කර්” සඟරාව විසින් බැංකු විනිශ්චය කිරීමේදී කාර්යසාධන මිනුම් 120කටත් වඩා භාවිත කරයි. වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, අවදානම් සඳහා ලැබූ ප්‍රතිලාභ, අඛණ්ඩතාව, ලාබ ලැබීම, වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාව සහ උත්තෝලන බලය ආදී ප්‍රධාන ක්ෂේත්‍ර අටක් හරහා ලකුණු ලබා දෙයි. මෙම ලකුණු අවසාන ශ්‍රේණිගත කිරීම තීරණය කරන අතර, එක් එක් කලාපයේ මෙන්ම ගෝලීය වශයෙන් ද හොඳම ක්‍රියාකාරී බැංකු එමගින් හඳුනාගනී.
කොමර්ෂල් බැංකුව 13 වැනි වරටත් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට