IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොමර්ෂල් ක්‍රෙඩිට් ණයකර නිකුතුවකින් රු.බි. 5 ක් රැස් කිරීමට යයි


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර කොටස් නිකුතුවක් හරහා රුපියල් බිලියන 5 ක් රැස් කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ඊට අදාළ අනුමැතිය හිමිව ඇත. 

මෙහිදී මූලික නිකුතුව ලෙස ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, ඉහළ-ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස ණයකර කොටස් මිලියන 30 ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එක් කොටසක් රුපියල් 100 ක් බැගින් මිල කෙරී ඇති අතර, ඒ හරහා රැස් කරගන්නා මුදල රුපියල් බිලියන 3 කි. මෙම නිකුතුව සඳහා හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20 ක් නිකුත් කරන බව සමාගම පවසයි.

 ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 2 ක් වන අතර, මෙම සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 5 කි. වසර පහකින් කල් පිරෙන ලෙස මෙම ණයකර නිකුතුව සිදු කරන බව සමාගම පවසයි. මේ සඳහා ලබාදෙන පොලී අනුපාතය සහ පොලී වර්ගය පිළිබඳව ඉදිරියේදී අනාවරණය කරන බවත් සමාගම සඳහන් කරයි.



අදහස් (0)

කොමර්ෂල් ක්‍රෙඩිට් ණයකර නිකුතුවකින් රු.බි. 5 ක් රැස් කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site