
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවා මෙහෙයුම් ආරම්භක අවස්ථාව අමතමින්
සිය පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත.
නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීමෙන් සැලසුම් කර ඇති අතර එමගින් ශ්‍රී ලංකාව පුරා ම විධිමත් බැංකු සේවා වෙත පිවිසීමට ඇති අවකාශය පුළුල් කෙරේ.
පාරිභෝගික පහසුව මෙන් ම සේවා වෙත පිවිසීමේ හැකියාව වැඩියෙන්ම වැදගත් වන බැංකුකරණ ක්ෂේත්‍රයේ, දුරස්ථ ප්‍රදේශවල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන හරහා ක්‍රියාකාරී විසඳුමක් ලබා දෙන බව බැංකුව පැවසීය. මෙම ආකෘතිය මගින් බැංකුවට තෙවන පාර්ශවීය නියෝජිතයන් පිරිසක් සමග හවුල් වීමට ද ඉඩ සලසා දෙයි. ඔවුන් දේශීය ව්‍යාපාර හෝ පුද්ගලයන් විය හැකි අතර බැංකුව සහ ගනුදෙනුකරුවන් අතර අතරමැදියන් ලෙස ඔවුන් ක්‍රියා කරනු ඇත. එම නියෝජිතයන් හරහා පූර්ණ ශාඛා පිහිටුවීමකින් තොරව බැංකු සේවා සැපයීමට හැකියාව ලැබේ.
මෙම බලයලත් නියෝජිතයන් හරහා කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල, විශේෂයෙන්ම දුෂ්කර ග්‍රාමීය සහ සේවා අඩු ප්‍රදේශවල දී මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම්, වෙනත් ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම්, සහ බිල්පත් ගෙවීම් වැනි අත්‍යවශ්‍ය ගනුදෙනු කිරීමට හැකියාව ලැබේ. මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ළඟම ඇති ශාඛාවට ගමන් කිරීමට ගතවන කාලය සහ පිරිවැය අඩු කිරීමෙන් සැලකිය යුතු පහසුවක් ලබා දෙනු ඇත.
බැංකුව පවසන පරිදි කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය, එහි කෘෂිකාර්මික හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකයේ ^AMFU& ක්‍රියාකාරකම් සමග ඒකාබද්ධ වී ඇති අතර එමගින් AMFU කාර්ය මණ්ඩලය හරහා ග්‍රාමීය ප්‍රජාව තුළ දැනටමත් ස්ථාපිත වී ඇති විශ්වාසනීය සබඳතා සහ ප්‍රජා සම්බන්ධතා තව තවත් උත්තේජනය වනු ඇත. මෙම ශක්ති ඒකාබද්ධ කිරීමෙන් බැංකුකරණයට ප්‍රවේශ වීමේ හැකියාව පුළුල් කරන, දේශීය ආර්ථිකයට සහාය වන, සහ තිරසාර වර්ධනයක් පෝෂණය කරන, විශ්වාසදායක තාක්ෂණයෙන් පිටුබලය ලත් ආකෘතියක් ලබා දීම බැංකුවේ අරමුණයි.
මෙම විශේෂිත වූ සන්ධිස්ථානය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව විසින් වීරවිල ඉරේෂා ෆුඩ්සිටි හි දී සිය ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය නියමු අදියර ආරම්භ කරනු ලැබූ අතර එහිදී මෙම ආකෘතිය සජීවී ව පෙන්නුම් කරන ලදී.
‘කොම්බෑන්ක් ශක්ති’ සමගින් කොමර්ෂල් බැංකුව ගනුදෙනුකරුවන්ට තවත් සමීප වෙයි