විමුක්ති එස් රුද්‍රිගු
නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට එම ආයතන හතරෙන් ඔවුන් කැමැති ආයතනයකට අනියුක්ත වීමේ හැකියාව පවතී. අනියුක්ත වීම සඳහා අයැදුම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මාස 2 ක කාලයක් ලබාදී ඇති අතර, එම කාලය ඊයේ (27) ආරම්භ විය.
ලංකා විදුලිබල පනත යටතේ ආරම්භ කරන නව ආයතන හතර වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පෞද්ගලික සමාගම, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පෞද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගම සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පෞද්ගලික සමාගම යන සමාගම්ය.
නව සමාගම් හතර රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතිනු ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන යම් සේවකයකුට නව සමාගමකට අනියුක්ත වීමට කැමැත්තක් නොමැති නම් ඔහුට හෝ ඇයට වන්දි සහිතව විශ්‍රාම ගැනීමේ හැකියාවද පවතී.
කැමැති ආයතනයකට යන්න විදුලි සේවකයන්ට මාස 2 ක්