IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කප්රුක හෝල්ඩිංග්ස් එක්සත් රාජධානියට යයි

භානුක අමරසිංහ


මෙරට මුල් පෙළේ ඉ-වාණිජ මෙහෙයුම්හි නිරත සමාගමක් වන කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එක්සත් රාජධානිය වෙතත් සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇතැයි පවසයි. 

ඒ අනුව එම සමාගම Kapruka Global UK Ltd නමින් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් එක්සත් රාජධානිය තුළ ස්ථාපිත කර ඇතැයි එම සමාගම සදහන් කරයි. පසුගිය ජනවාරි 24 වැනිදා අංක 16205146 යටතේ මෙම ලියාපදිංචිය සිදු කර තිබේ. සමාගම මෙරටින් පිටතදී සිදු කරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම මෙම පරිපාලිත සමාගම ස්ථාපිත කිරීමේ ප්‍රමුඛ අරමුණ බව එම සමාගම පවසයි. 



අදහස් (0)

කප්රුක හෝල්ඩිංග්ස් එක්සත් රාජධානියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site