IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෘත්‍රිම බුද්ධියෙන් ගන්නා තොරතුරු ආරක්ෂා කිරීමේදී දැඩි අභියෝගයක්

විමුක්ති එස්. රුද්‍රිගු


කෘත්‍රිම බුද්ධියේ බලයෙන් ජනතාවගෙන් ලබාගන්නා තොරතුරු ආරක්ෂා කිරීමේදී දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුව තිබෙන බව ආසියානු පැසිෆික් කලාපයේ නීතිඥ සම්මේලනයේ සන්නිවේදන, දත්ත ආරක්ෂණ සහ තාක්ෂණ කමිටු සභාපති, ආචාර්ය නීතිඥ සුනිල් ඩී. බී. අබේරත්න ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ලෝ ඒෂියා සන්නිවේදන, තාක්ෂණ සහ දත්ත ආරක්ෂණ කමිටුව විසින් සංවිධානය කරන ලද ජපානයේ පැවැති සමුළුවේදීය.

ජපානයේ සංසන්දනාත්මක නීති ආයතනය සහ ජපාන නීතිඥ සංගම් සම්මේලනය මෙන්ම චුඕ විශ්වවිද්‍යාලය, විසින් අනුග්‍රහය දක්වන ලෝ ඒෂියා දත්ත ආරක්ෂණ වැඩමුළුවට රටවල් 38ක නීති, අධ්‍යාපන සහ පර්‌යේෂණ ක්ෂේත්‍රවල විද්වත්හු සහභාගී වී සිටියහ.

එම සමුළුව ඇමතූ ආචාර්ය අබේරත්න මහතා ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම සහ දත්ත ආරක්ෂා කිරීමේ අභියෝගය පැහැදිලි කරමින් කියා සිටියේ තවදුරටත් ප්‍රමාද නොවී කඩිනමින් ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවය. මේ වන විටත් ජපානය, දකුණු කොරියාව, චීනය ආදී රටවල් කෘත්‍රිම බුද්ධිය මගින් ලබාගන්නා තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග සම්පාදනය කොට ක්‍රියාත්මක කර ඇති බවත් අප ඒ මට්ටමට ළගාවීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත්ය.



අදහස් (0)

කෘත්‍රිම බුද්ධියෙන් ගන්නා තොරතුරු ආරක්ෂා කිරීමේදී දැඩි අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site