අඛණ්ඩව පස්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා නිකුත් කළ මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය වාර්තාවෙන් හෙළි වී ඇත.
2024 වසරේදී කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය වශයෙන් රුපියල් බිලියන 330.9ක් ලබා දී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙන අතර, එය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 16ක් විසින් සපයන ලද රුපියල් බිලියන 1,090 ක මුළු ණය මුදල් ප්‍රමාණයෙන් සියයට 30.3ක් නියෝජනය කරයි. මේ අනුව කොමර්ෂල් බැංකුව අනෙකුත් සියලුම ආයතනවලට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටින අතර, තම ආසන්නත ම තරගකරුට වඩා සියයට 91 ක් ඉහළ අගයකින් ණය ලබා දීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය ලබා දීමේ කාර්යභාරයේ පෙරමුණ ගෙන තිබේ.
කෘෂිකර්මාන්තය, සේවා, කර්මාන්ත සහ අනෙකුත් අංශවලට බැංකුවේ සහයෝගය ලබා දී ඇති අතර, එහි විශාලතම දායකත්වය කර්මාන්ත වෙනුවෙන් යොමු කර ඇත. කොමර්ෂල් බැංකුව මෙම අංශයට පමණක් රුපියල් බිලියන 266.8 ක් ණයට දුන් අතර, එය 2024 දී ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ ව්‍යවසාය විසින් ලබාගත් මුළු ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 557.6 න් සියයට 47.8 ක ප්‍රතිශතයකි.
මෙම කාර්ය සාධන දර්ශකය මගින් අවධාරණය කෙරෙන්නේ, රැකියා උත්පාදනය, වටිනාකම් නිර්මාණය සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කරවීමේ ප්‍රබල බලපෑමක් කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය බල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුවේ තිරසර වූ උපායමාර්ගික කර්තව්‍යයන් හි සාර්ථකත්වයයි.
මෙම ක්ෂේත්‍රයේ බැංකුව දක්වන අඛණ්ඩ නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වන අපගේ කැපවීම මුල් බැසගෙන ඇත්තේ ඔවුන්ගේ සාර්ථකත්වය මෙරට ආර්ථික අනාගතයත් සමග බද්ධ වී ඇති බවට අප තුළ ඇති විශ්වාසය මතයි. 2024 දී බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති 8,700කට අධික අංඛ්‍යාවකට ධනාත්මක බලපෑමක් ඇතිකළ අතර, එමගින් රැකියා නිර්මාණය, ප්‍රජා සංවර්ධනය සහ ආර්ථිකව අන්තර්ගතකරණය සිදු විය. ප්‍රචණ්ඩ වූ කුණාටුවේ බලපෑමට රට ප්‍රතිචාර දක්වන විටදීත් කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍යම ව්‍යාපාර සමඟ අඛණ්ඩව රැඳී සිටින අතර, ඔවුන්ට ප්‍රකෘතිමත් තත්වයට පත් වීමට මෙන් ම සමස්ත ශ්‍රී ලංකාව ම නැවත ගොඩනැගීමට ද බැංකුව උර දෙනු ඇත.”
“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා විශාලතම ණය දෙන්නා ලෙස අඛණ්ඩව පස්වන වසරටත් අප ප්‍රමුඛස්ථානයේ රැඳී සිටින බව මුදල් අමාත්‍යාංශය විසින් ම තහවුරු කිරීම, අප දියත් කළ අරමුණු පාදක කොටගත් ප්‍රවේශවල සෘජු ප්‍රතිඵලයකි. මූල්‍ය තත්වය වෙත ළඟාවීමේ හැකියාව පුළුල් කිරීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ වර්ධනය වේගවත් කිරීමේ තාක්ෂණය යෙදවීමට, මෙන් ම අභියෝගවලට ඔරොත්තු දීමට හා තිරසාර ලෙස ව්‍යාප්ත වීමට එම ව්‍යාපාරවලට මඟ පෙන්වමින් සහය ලබා දීමට, අපි ඉදිරියට ද ඇප කැප වී කටයුතු කරන්නෙමු.”
කුඩා හා මධ්‍ය පරිමාණ අංශයට ණය ලබා දීමේදී කොමර්ෂල් බැංකුව පස්වැනි වසරටත් පෙරමුණේ