IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


කොටස් වෙළෙඳපොළ වසර තුළ තෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වසර තුළ වාර්තා කළ තෙවැනි ඉහළම පිරිවැටුම ඊයේ (9) දිනයේදී වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 13.30 ක පිරිවැටුමක් වාර්තා වූ අතර, එහිදී කොමර්ෂල් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 5.22ක් සඳහා දායක වී තිබේ.

එසේම ඩීමෝ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් සිදු කළ ගනුදෙනුද මෙම පිරිවැටුම සඳහා දායක වූ බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි. මීට පෙර මැයි 27 වැනිදා රුපියල් බිලියන 18.7ක පිරිවැටුමක්ද අගෝස්තු 21 වැනිදා රුපියල් බිලියන 11.1 පිරිවැටුමක්ද වාර්තා විය. මේ දක්වා කොළඹ කොටස් හුවමාරුව තුළ ඉහළම දෛනික පිරිවැටුම ලෙස රුපියල් බිලියන 32ක් වාර්තා වී ඇත්තේ 2008 අප්‍රේල් මාසයේදීය. ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී ASPI ඒකක 22,174.74ක් දක්වා ඒකක 76.75කින් ඉහළ නැගි අතර, SandPSL දර්ශකය ඒකක 6,162.38ක් දක්වා ඒකක 0.84කින් පහත වැටුණි.



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ වසර තුළ තෙවැනි ඉහළම පිරිවැටුම වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site