IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යයි

මෙම සතියේ ආරම්භ ගනුදෙනු දිනය වූ ඊයේ (10) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27 ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතරS&P SL20 දර්ශකය ඒකක 4,959.45 ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය.

පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව සමාගම් 148ක කොටස් මිල ගණන් ඊයේ පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් 52ක පමණි.

ඊයේ රු. බිලියන 2.07 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site