ආර්ථිකයේ වත්මන් ප්‍රවණතා සහ ඉදිරි සැලසුම් අනාවරණය කරන විශේෂ ප්‍රකාශයක් ජනාධිපති අනුර දිසානායක මහතා ලබන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අනාවරණය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට පත් දැනට රට තුළ කරගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ දී වේගවත් කරන පිළිවෙළ අනාවරණය කරනු ඇතැයි ආයෝජකයන් විශ්වාස කරන බව පෙනේ. විදුලිය අංශයේ පිරිවැය කළමනාකරණය හා පද්ධති ශක්තිමත් කරන අරමුණ ඇතිව ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය වැඩසටහනක් අනුමත කර ඇත. ඊයේ (ජුනි 26) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,740.46 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 204.84 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,265.35 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 46.34 වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. මිලියන 6,852.98 කි. කොටස් මිලියන 427.0 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 35,478 කි. සමාගම් 185 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 60 කි.
විදේශීය ගනුදෙනු සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව ඉතාම දරුණු තත්වයක බව නිරික්ෂණය කළ හැකිව තිබුණ අතර මිල දී ගැනීම් රු. මිලියන 193.4 ක් වූ අතර විකිණීම් රු. මිලියන 813.8 කි. ශුද්ධ විනිමය බැහැරවීම රු. බිලියන 620.4 කි. එපමණ මුදලක් මෙරටින් ඉවත්කරගෙන තිබේ.
හැටන් නැෂනල් ෆිනෑන්ස් රු. මිලියන 403 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 359, ඩිප් බ්‍රඩක්ට් රු. මිලියන 297 ක්, සන්ෂයින් හෝල්ඩි රු. මිලියන 288 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 226 ක්, සම්පත් රු. මිලියන 199 ක්, ආදි වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
කොටස් වෙළඳපොළ ක්ෂණික වර්ධනයක්