IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළෙඳපො​ෙළ් අඩුම පිරිවැටුමක්

භානුක අමරසිංහ 
පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ පෙන්නුම් කළ පහළ බැසීමේ ප්‍රවණතාව තවදුරටත් පෙන්නුම් කරමින් ඊයේ (10) දිනය සඳහා ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,000.78ක් දක්වා, පෙර දිනයට සාපේක්ෂව ඒකක 114.69කින් එනම් සියයට 0.71කින් පහළ වැටුණි. 
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 20 (S&PSL20) දර්ශකය ඒකක 4,778.10ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 33.23කින් එනම් සියයට 0.69 කින් පහළ වැටුණි. 
ඊයේ දිනය තුළ කොටස් 29,504,538ක් ගනුදෙනු වී ඇති අතර, සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 824ක් ලෙස සටහන් විය. මෙය ආසන්න කාලසීමාවේදී වාර්තා වූ අඩුම පිරිවැටුම ලෙස සැලකෙයි. පෙබරවාරි 28 වැනිදා පිරිවැටුම රුපියල් බිලියන 1.7ක් විය. 2024 අගෝස්තු 07 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි පිරිවැටුම රුපියල් මිලියන 320ක් ලෙස සටහන් වූ අතර, එය කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ 2020 මැයි මාසයෙන් පසුව වාර්තා වූ අඩුම පිරිවැටුම විය. 



අදහස් (0)

කොටස් වෙළෙඳපො​ෙළ් අඩුම පිරිවැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site