IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි

​ඊයේ ගනුදෙනවල වර්ධනයක්

භානුක අමරසිංහ

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දහවල් 12.30 දක්වා පමණක් සිදු කෙරෙන බව සඳහන් වෙයි.

මේ අතර ඊයේ (05) දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් හුවමාරුවේ සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 15,916.69ක් දක්වා ඒකක 64.95කින් එනම් සියයට 0.41කින්ද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඞ් පුවර්ස් ශ්‍රීලංකා දර්ශකය ඒකක 4,664.82ක් දක්වා ඒකක 26.53කින් එනම් සියයට 0.57කින් ඉහළ නැග්ගේය. දිනය තුළ කොටස් මිලියන 76.9ක් ගනුදෙනු වූ අතර, දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.9ක් ලෙස සටහන් විය.

එහිදී පිරිවැටුම සඳහා වැඩිම දායකත්වය ප්‍රාග්ධන භාණ්ඩ මගින් ලැබුණු අතර, එය සියයට 22.36ක් විය. ආහාර, පාන වර්ග සහ දුම්කොළ ලබාදුන් දායකත්වය සියයට 19.04කි. මීට අමතරව අමුද්‍රව්‍ය, විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ බැංකු යන අංශ මගින් මගින් පිළිවෙළින් සියයට 14.59ක, සියයට 14.45ක සහ සියයට 14.36ක දායකත්වයක් ලබාදී තිබේ.

 



අදහස් (0)

කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site