යොහාන් භාසුර
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ගුවන් ගමන්වල මෙම වසරේ පළමු මාස 8 තුළ සියයට 14 ක වර්ධනයක් ලබා ඇතැයි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පැවසීය.
පසුගිය වසරේ (2024) පළමු මාස 8 තුළ ගුවන් ගමන් වාර 38,607 ක් සම්පූර්ණ කර ඇති අතර, මෙම වසරේ පළමු මාස 8 තුළ සම්පූර්ණ කර ඇති ගුවන් ගමන්වාර සංඛ්‍යාව 44,185 ක් බවත්, ඒ අනුව 2024 ට සාපේක්ෂව ගුවන් ගමන් වාරවල සියයට 14.4 ක වර්ධනයක් ඇති බවත් එම සමාගම කීය.
මෙම වසරේ පළමු මාස 8 තුළ වැඩිම ගුවන් ගමන්වාර සංඛ්‍යාව ලෙස ගුවන් ගමන් වාර 5976 ක් අගෝස්තු මස සම්පූර්ණ කර ඇති අතර, ඉදිරි සංචාරක සමය සඳහා ද ගුවන් ගමන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම කළමනාකරණය කර ගනිමින් ඉදිරි සංචාරක සමය තුළ ද කාර්යක්ෂම සේවාවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවත් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන්වල සියයට 14 ක වර්ධනයක්